ගී පද
මධුර යාමේ සුවඳේ සාමේ
සිනහ වීලා එන්න රෑ මේ
ප් රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
තරු සිනා සේ දෙනෙත පොපියයි//
මසිත පිබිදී සතුට රජවෙයි
ප් රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
සුසුදු හංසයො විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයති//
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අක දී හිතට හිත දී//
රැල්ල විලසේ එන්න පෙරලී
ප් රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ
සීත සුවඳේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ//
අඳුන් දෙනුවන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ//
ඉන්න හොඳ නෑ යන්න ඕනේ
ප් රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ හෝ