ගී පද
මදු මල් වෑහෙනා පෙම් හැඟුම් උතුරනා
වස්සානේ දෙව්දුව ඔබයි
සිහින දෝතට ගෙනා පාට පාටින් තියා
පෙම් ලෝකේ සිත්තරාවියයි
මනමාල හිත තාම දඟකාරයි දඟකාරී ඔබ මාගෙමයි
ඔය දෑස මගෙ ගාව රඟපාවයි ආදරේ එකමයි
මා හදේ පෙම් මල් අතුරලා
සමනල් රටා මැවුවේ ඔබමයි
සිහිනෙන් පවා ඈතට නොයා
ආදරේ ඔච්චම් කරයි
මනමාල හිත තාම..
සිහිලැල් සුළං රැල්ලක එතී
සුරලෝකේ මා වෙත ඇදී
සුරඟන ඔබයි මගෙ ආදරේ හිමී
දෙව්ලියාට මාගේ තූති
මනමාල හිත තාම..
මදු මල් වෑහෙනා..
මනමාල හිත තාම..