මධු චන්ද්‍රයාමේ මෝදුවේmadhhu chandhrayaamee moodhuwee

Madu Chandra Yaame

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මධු චන්ද්‍රයාමේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ...
අනංග දෙවොලේ
දල්වා දීපාවලී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ...
මධු චන්ද්‍රයා මේ මෝදු වේ..

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින් නිති සරසා 
පි‍්‍රයයාණ හදවත තුනු සිරින් සදනු 

දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ 
පතිකුලය සුමිහිර සදා රැක වසනූ 

මධු චන්ද්‍රයාමේ මෝදුවේ
උන්මාදනීය රාත්‍රියේ...
අනංග දෙවොලේ
දල්වා දීපාවලී
මධු චන්ද්‍රයා මේ මෝදු වේ...