ගී පද
මඳහස රැඳි නෙත් මානයේ
දැවටෙන්න මොහොතක් වෙලා
ඔබ වැනි ලියකගෙ නෙත් බිඟුන්
දිවි මඟ සුව යහනක් කලා
ඇති රහසට අවසර නිසා
වරදට බැඳෙනට ඉඩ නැත
අරමුණ දෙසටම සිත් නඟා
යන පා මුල මල් පෙති ඇත
යශෝධරාවන් බඳු කතුන්
ලක් දෙරණෙත් ඉපදී ඇත
පෙර සසරේ නොව අද දිනේ
උපමාවකටත් ගනු ඇත