ගී පද
මදහස පවසන නෙතු සඟලයි
මනමත් කරවන රුව බබළයි
සිත මට දෝ වෙන හදකට දෝ
ඔබ කවුරුදෝ ධනංජනා.....
ඔබ එන මාවත මම දුටුවා
ඒ හැම තැන මුරකා දැමුවා
මම ඉඟි කළේ ඔබටයි ප්රිේය ළඳේ
ඒ හැම කලේ හිත ගන්නයි ඔබේ
ඇයි නෙතු ඉවත ලා
සිත ඇයි ගොළුවෙලා
සෙනෙහස කාටදෝ කියන්
ධනංජනා....
දිනකදි ඔබ මුන ගැසුනු සිතා
ඔබ නිවහන වෙත පිය මැන්නා
සුරතේ ඔබේ වෙන දෑතක් බැදේ
සිනහා මැවේ මංගල ගී ඇසේ
ඔබ අන්සතු වෙලා
මගේ සිත තනි වෙලා
පතනෙමි මංගලම් සිතින්
ධනංජනා....