මදහාස ගේනා අනුරාග සේයාmadhahaasa geenaa anuraaga seeyaa

Madahasa Gena Anuraga

ගී පද

මදහාස ගේනා
අනුරාග සේයා
මුසපත් කලා චේතනා
නොදැනී දැනී මා
නුඹ හා බැදීලා
සංසාර හුරුවක් නිසා

හිත භාවනා
බිඳලා ඔයා
පෙම් හීන සිතුවම් කලා
නොකියා ගෙනා
ආයාචනා
හදගැස්ම උනුසුම් කලා

උදුම්බරාවී නුඹ මාගේ
සරා සිහින මංදාකිනියේ
අනන්ත වූ ආලෙන් මෝදුවේ
උදුම්බරාවී නුඹ මාගේ
මලුත් හිනැහුනා සංතෝසේ
අනන්ත වූ ආලෙන් මෝදුවේ

ඇහිදාර සරසන්න
ලැම තුරුලෙ නැලවෙන්න
සංගීතෙ ස්වරයක් වෙලා
සිත්ගත්ත කෙහෙරැල්ල
නා දල්ල තොල් පෙත්ත
සැනසීම නුඹමයි සදා

හිත භාවනා
බිඳලා ඔයා
පෙම් හීන සිතුවම් කලා
නොකියා ගෙනා
ආයාචනා
හදගැස්ම උනුසුම් කලා

උදුම්බරාවී නුඹ මාගේ
සරා සිහින මංදාකිනියේ
අනන්ත වූ ආලෙන් මෝදුවේ
උදුම්බරාවී නුඹ මාගේ
මලුත් හිනැහුනා සංතෝසේ
අනන්ත වූ ආලෙන් මෝදුවේ