මද සීත නල රැල්ලmadha siitha nala raella

Mada Seetha Nala Ralla

සංගීතය:
ආර් මුත්තුසාමිaar muththusaami
පද රචනය:
මානෙල් පෙරේරාmaanel pereeraa

ගී පද

මද සීත නල රැල්ල දැඟලිල්ල පා 
කැළඹිල්ල දී දසත විසිරී ගියා 
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී 
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා 

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා 
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී 
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා 

(සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එලිය නොපෙනී වෙලී...//)  
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න 
ඔබ මාගෙ ජීවේ සදා...

ඔය බැල්ම දෙන කැල්ම....

(මගේ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න 
යුග ගීත පවසන්නකෝ...//) 
ලොව මීර නරඹන්න මධු මීර රස බොන්න 
ඔබ මාගෙ ජීවේ සදා... 

මද සීත නල රැල්ල....
ඔය බැල්ම දෙන කැල්ම....