මඳනලට කියා ඇතත්mandanalata kiyaa aethath

Mada Nalata Kiya Athath

ගී පද

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

ආයාසේ මා නොකී කතා
මාගේ හදේ රැදී තියේ
ආරාධනේ දෑසේ රහසේ
මම නිබඳ දකින් නිසා
සිත එය අයදින නිසා
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන මේ කතන්දරේ

මදනලට කියා ....

මා ආවේ ආදරේ සොයා
පාරාදීසේ ඔබේ ලොවේ
පාවී ගියේ මාගේ සිහිනේ
මම කියමි ළබැදී කතා
තව ඔබට සැබැදි වෙලා
ආයේ පවන සමදි වෙලා
ආයේ පවන සමග මුමුණ මුමුණ මා සෙයින් සැරේ

මදනලට කියා ....