ගී පද
මාවතේ දිගු - දෑත් අල්ලා - දෙදෙන පියමන් කරන් යනවා
දෑස් යොමු වී - විවර මුවඟින් - දනන් විමසා පසිඳු කෙරුවා
අසම්මත පෙම් යුවළකැයි
ඔබ ඔහුය - ඔහු ඔබය
ආදරේ සුලමුල මෙයැයි
දම්මාට සැන්ඳෑ වළාවෝ - වෙරළ අද්දර පෙළ ගැසේ
කුකුසු කසු කුසු සවන් තෙරපා - මහ හඬින් දසතේ ඇසේ
අසම්මත සිල් වතක්යැයි
සිත මුදුය - දුක අඩුය
ආදරේ සුලමුල මෙයැයි
ජීවිතේ ගැන ඔබ දනී නම් - ඇතිද සිදුවිය නොහැකි දේ
විමසලා බැලුවද සොඳින් - ඇරුණු මනසට දුර පෙනේ
අසම්ම්තබ සොබ දහමකැයි
දිවි කෙටිය - පෙම දිගුය
ආදරේ සුලමුල මෙයයි