මාලී සිහින කුමාරිmaalii sihina kumaari

Maali Sihina Kumari

ගී පද

මාලී සිහින කුමාරි
පාවේ නිම් නැති යාමේ
පවනේ සැලෙනා රහසේ
අඳූරේ සරනා සෙනෙහේ

පවනේ රහසින් කොඳූරා
හද සසලන්නේ
උණුසුම් සුවඳයි පාවී
හද දැවටෙන්නේ
දෙනෙතේ සැඟවී නොපෙනී
ඇ කොයි යාදෝ

අඳූරේ රහසින් සැලෙනා
පිණි කඳූලක්දෝ
පින්නේ ඇදෙනා දිලෙනා
සඳ කිරණක් දෝ
මා දැසේ මැවූ සේයා
මායාවක් දෝ