මාගේ හීනේmaagee hiinee

Maage Heene

සංගීතය:
අශාන් ශෂිකashaan shashika
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

මාගේ හීනේ අයිතිකාරී ඈත් වූවාද පාවී
මටම හිමි වී තුරුලේ දැවටී උන්නේ ඔබ නේද 
පෙර දී කීව හැමදේ දමා ලීව හැම දේ දවා
මාව කඳුලින් තෙමා යන්නේ ඇයි දෝ ඔයා...

උහුලනා කඳුළු ගංගා හදවතේ ඉවුරු පුපුරා
සිහිවුණා නුඹව හැමදා දිනක් හරි ඔබේ නිසා මා
මා මැව්ව හීනේ ගිනි අවුලලා 
නෑ යන්නේ කීවේ ඔබදෝ එදා...

මාගේ හීනේ.....

තනිවෙලා ඔබේ නමින් මා වේදනා දෑසේ හංගා 
හිමිනැතත් ඔබව හැමදා දැන දැනත් පෙම් කළා මා
මා මැව්ව හීනේ ගිනි අවුලලා 
නෑ යන්නේ කීවේ ඔබදෝ එදා...

මාගේ හීනේ.....