ගී පද
මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී //
මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයි දෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා
මාගේ අතීත දිවියේ...
අපගේ පැතුම් විමානෙන්
වෙන් වීල එක් වුණේ
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟා වුණා ආයේ
වේදනා නිවා
මාගේ අතීත දිවියේ...//