මා තනිවෙලාmaa thaniwelaa

Maa Thaniwela

සංගීතය:
ගිහාන් බුල්නර්gihaan bulnar
පද රචනය:
ගිහාන් බුල්නර්gihaan bulnar

ගී පද

මද පවනේ මා වෙලා සඳසාවී සැඟවිලා
වලා අතරින් බලා ගියේ මට හිනැහිලා
නිසල රෑ මේ පැයේ පාළු මා සීතලේ
ගණින මේ තරු අතරේ දුටිමිදෝ රුව සොඳුරේ......

හද ගැහෙන හැම වෙලේ දුක දැනේ මා හදේ
ඔබ නැතිදා ළඟ මගේ අඬනවා ඇස රහසේ
(මා තනිවෙලා වගේ දැනේ හිත පුරා.......//)

ළඟම එනදාක මා එන්නම්ලු පියඹලා
දෑස් අග යාවෙලා දුක යාවී මැකීලා
ළංවෙලා පා සෙනේ දී දෙතොල් සිප ඔබේ
ගයන මේ මා ගීයේ අරුත අප පෙම සොඳුරේ........

හද ගැහෙන........
(මා ඔබේ වෙලා ඉමි මෙසේ සෑමදා......//)