මා ඔබත් එක්කmaa obath ekka

Maa Obath Ekka

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
ලලිත් ද සිල්වාlalith dha silwaa

ගී පද

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //

තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා //
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා...

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
කියලා කියනවා....

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා //
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා ....

මා ඔබත් එක්ක ...