ගී පද
(මා නුඹට පෙම් කළේ නෑ නුඹට තේරුණේ
වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ......//)
(දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ......//)
මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කළේ......
මා නුඹට පෙම්.......
(පහදන්න හැකි නම් ළඳේ සතුටින් ම වෙන් වී ගියේ
අඩුවක් වුණාදෝ සෙනේ හැරයන්න ඇයි ළං වුණේ.....//)
මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කළේ......
මා නුඹට පෙම්.......