මා ඉතින් යන්න යනවාmaa ithin yanna yanawaa

Maa Ithn Yanna Yanawa

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි

නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි

මා ඉතින්...

සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

මා ඉතින්...