මා වෙත එන්නmaa wetha enna

Ma Wetha Enna

සංගීතය:
සුරේෂ් මාලියද්දsureesh maaliyadhdha
පද රචනය:
කමල් ගුණරත්න (මේජර් ජෙනරාල්)kamal gunarathna (meejar jenaraal)

ගී පද

මව්බිම රකින්නේ ජවයේ බලයෙන්ය
යෝධ සවිය ලැබුනේ දෙවි පිහිටෙන්ය
දහදුක් විදෙන්නේ අප සැම වෙනුවෙන්ය
මා ජීවත් වුනේ ලද පිය සෙනෙහෙන්ය

මොලකැටි වදන් ඔබේ සවට තෙපලන්න
මා හඬනා විට තුරුලට අරගන්න
ඔබ දන ගැසූ විට අලියා පිට යන්න
මතකයි බලා උන් හැටි මා නැලවෙන්න

තුරුලට වෙලා පිය උණුහුම විඳ ගන්න
පින් මදිවෙන්න ඇති උකුලට වී ඉන්න
එල්ලී ඇඟිල්ලේ ඉස්කෝලෙට යන්න
මැව්වෙමි සිහින සඟවා කඳුලැලි ගොන්න

තව තව ජවය ලැබ සතුරන් මැඩලන්න
මව්බිම රැක ගන්න එහි කිසරිඳු වෙන්න
මා තුරුලට අරන් පිය උණුහුම දෙන්න
මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න
මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න