මා වෙනුවෙන්maa wenuwen

Ma Wenuwen

ගී පද

මා වෙනුවෙන් එක කඳුළක්  හෙළන්න 
කිසිදා නොහඬන ඔබේ ඇසින්
මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව
වටහා ගන්නම් ඒ කඳුළින්

උණන කඳුළු බිඳු නොමිනිස්කම් මැද
දෑස තුළම යළි වියළෙන්නේ
හදේ ගලා යන මහ කරුණාවයි
කඳුළක් වී ඇස මතු වෙන්නේ

අනුන් නිසා ඇස උපදින කඳුළයි
කැළුම් නගා ඇස සරසන්නේ
වැසි දිය නොව ඇස මතු වන කඳුළයි
ලොව සුහුඹුල් ඵල පුබුදන්නේ