මා වවුලන්maa wawulan

Ma Wawulan

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

මා වවුලන් රෑ පුරාම රංචු ගැසිලා 
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට යන්නට බෑ 
මට තනියක් දැනෙනවා

දරටගිහින් කුරුදු කැලේ මග වැරදීලා
පං එන තුරු හඩා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටත් මළේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇගේ දැවටී ගෙන අසා උන්නු මළේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා