ගී පද
මා තනි උනු බව දැකලා කඳුලක් නැද්ද ඉනුවේ නෙතේ
හැර යන්නට දුරස් වෙලා වරදක් නැහැනේ මාගෙන් උනේ
එක පාරක් ඉඩ දෙන්න ඔබෙ ලග මට ඉන්න පවසන්න මේ ආදරේ
ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ
ආදරෙන් පැරදෙනා පෙම්වතුන් දෙස බලා
මතකයිද දුක් උනා මටත් වැඩියෙන් ඔයා
අද මාව රවටලා ගියේ ඔබමයි කියා
අදහන්න බැරි නිසා සිත අතරමං වෙලා
ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ
රිදවනා මතකයේ රැදුනු හසරැල් ඔබේ
තව කඳුළු කැට වේවි වැටෙයි නෙතගින් මගේ
ලැබුනු පිවිතුරු සෙනේ මගෙන් විතරයි ලොවේ
සිහිවෙන හෙට දිනේ යලිත් ඔබ එයි ලදේ
ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ
මා තනි උනු බව ....