ගී පද
මා සිහින ලොවක තනිවෙලා සිත ගොළුවීලා
ඔහු අතගෙන ඈ යනවා මා තනිකරලා.....
බාල වියේ අකුරට ගිය හැටි සිහිවෙනවා
බෝ විටියා ගම්මානේ මට සිහිවෙනවා
දෑස පුරා කඳුළු මැදින් ඔබෙ රැව පෙනුනා
සෙනේහයක් ඔබ වෙනුවෙන් මා සිත රැඳුනා......
මා සිහින ලොවක ....
බාල ළමෝ උදෑසනින් අකුරට යනවා
එදා අපිත් පියමං කළ හැටි සිහිවෙනවා
දෑස පුරා කඳුළු මැදින් ඔබෙ රැව පෙනුනා
සෙනේහයක් ඔබ වෙනුවෙන් මා සිත රැඳුනා......
මා සිහින ලොවක ....