මා සඳට කැමති බවmaa sandata kaemathi bawa

Ma Sandata Kemathi Bawa

ඇල්බමය
Mage Sanda Oba
සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්....

නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව.....

මා සඳට කැමති බව...

එක්ටැම් ගෙයි සිරගත කළ 
සමනළියක අනාථ 
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව....

මා සඳට කැමති බව...