මා ඔබත් එක්ක සුහද කතාවක්maa obath ekka suhadha kathaawak

Ma Obath Ekka Suhada

ගී පද

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප් ‍රේම කතාවක්

තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
කියල කියනවා

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබේ ඇසුත් එක්ක ප් ‍රේම කතාවක්

රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප් ‍රේම කතාවක්

වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා