මා ඔබ හමුවන දිනයේmaa oba hamuwana dhinayee

Ma Oba Hamuwana Dinaye

ගී පද

අහස් ගැබේ තරු කඩා හැලෙනවා 
දස දහසක් ලොව් නුරා ඇලී
ඒ ලෝ මත අප යලි හමුවෙනවා 
සංසාරේ මට මතක ඇති 
ආත්ම ගානක් පෙරුම් පුරනවා 
හමුවන්නට පෙම් වරම් ලැබී
මේ භවයෙත් ඔබ මාදෙස බලනවා 
ඈත ඉඳන් නෙතු සිනාවෙවී
(හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ....//)

ලෝ දහසක් තුළ සෙව්වා 
ඔබේ රුව එදා පටන් යලි යලි ඉපදී
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ 
බලා හිඳිමි එනතුරු ආයේ ඉන්නට වේ නම්
ආත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් ඉපදී
හුස්ම පුරා මා ඔබව පතනවා 
පෙර සසරේ හුරුවට වාගේ.....
(හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ
සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ....//)