ගී පද
මා නෙතු පැටලිලා ඔබේ නෙත් දෑලේ
හද මත්වීලා වාගේ
මා හද උමතු වී ඔබේ පෙම් ලෝකේ වල්මත් වීලා වාගේ
මා...
(අම පෙම් රස පිරි මල් උයනේ
අපි හිනැහෙමු නිල් තුරු සෙවණේ) //
පාවීලා මේ දෑසේ
ඉඳිමු මත්වීලා ඉඳිමු හිනැහිලා
හිනැහිලා මත්වීලා
මා නෙතු පැටලිලා ඔබේ නෙත් දෑලේ
හද මත්වීලා වාගේ
මා...
(ගයමින් රස ගී රඟමඩලේ
ඔබ සනසන්නම් දිවි ගමනේ) //
රෑ යාමේ මේ ගීතේ
ගතින් ළංවීලා හිතින් එක්වීලා
එක්වීලා ළංවීලා
මා නෙතු පැටලිලා ඔබේ නෙත් දෑලේ
හද මත්වීලා වාගේ
මා හද උමතු වී ඔබේ පෙම් ලෝකේ වල්මත් වීලා වාගේ
මා...