මා මිහිදන් වුනාමmaa mihidhan wunaama

Ma Mihidan Unama

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
පද රචනය:
කමලා මැණිකේ වීරසේකරkamalaa maenikee wiiraseekara

ගී පද

මා මිහිදන් වුණාම - මේ කොඩිවැල් කියයිද 
තුන් සිත වින්ද වේදනා
සෝ ලතැවුල් මවාන - සුදු සළුපිළි දරාන
කිම ඔබ හඬන කාරණා

සෙවනට උන්නු ගසේ 
අතු සිඳ බින්ඳ මිනිස්සූ
පාඩුවෙ දිලුණු සඳට
කැබළිති ගැසුව මිනිස්සු
කන්නට දුන්නු අතම 
හෙමිහිට හැපුව මිනිස්සු
ඇතිදා නැති බුහුමන්
නැතිදා පිදුව මිනිස්සු

මා මිහිදන් වුණාම....

සේසත් පාවඩ මැද 
අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා
හදවත් නැති වුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරීයී අද
මිතුරනි කුමට වරණනා

මා මිහිදන් වුණාම....