ගී පද
මා මතකේ රැඳේවා ඔබෙ සිහිනේ බැදේවා
හැම මොහොතක්ම පාසා මේ සෙනෙහේ දැනේවා
සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම්
සත්තයි හරි ආදරෙයි මං
සත්තයි හරි ආදරෙයි මං //
නෙතු කදුළක් නොවේවා හිත රිදුමක් නොවේවා
හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා
සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම්
සත්තයි හරි ආදරෙයි මං
සත්තයි හරි ආදරෙයි මං //
තිස්සේම පැතුවත් ඇස් මානේ උන්නේම ඔබ මේ සිතුවිල්ලේ
මුමුනන්න සැතපී උර තලයේ හැමදාම පිරුමන් මා පිරුවේ
නෙතු කදුළක් නොවේවා හිත රිදුමක් නොවේවා
හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා
සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම්
සත්තයි හරි ආදරෙයි මං
සත්තයි හරි ආදරෙයි මං //
සදකැල්ම දිලෙනා මදහාසේ විදගන්න ඉවසුම් නැති දෑසේ
නවතින්න කවදා ඔබ එන්නේ දුර යන්න මා හා සංසාරේ
මා මතකේ තැබේවා ඔබෙ සිහිනේ බැදේවා
හැම මොහොතක්ම පාසා මේ සෙනෙහේ දැනේවා
සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම්
සත්තයි හරි ආදරෙයි මං
සත්තයි හරි ආදරෙයි මං //
සත්තයි හරි ආදරෙයි මං ////