ගී පද
මේ හැටි දුකක් දීලා ඇයි ඔබ දුරස් වෙලා
ආදරේ මතක් වීලා නෑ මම වෙනස් වෙලා
ආයේ කිසිදා ඔබේ රූපේ අයිති නොවෙනා බව දන්වා
(මා හැර දමා කාගෙද වෙලා....//)
හෙමින් ගිම්හාන කාලයේ සුදු දෑත අල්ලන් එදා
දුරින් උන්නාද මේ භවේ හීන අහුරක් වෙලා
දිව්රලා කී නිසා ආදරේ මට එදා
රැව් දෙනා වේදනා නෑ සිනා සේ මෙදා
කාගෙදෝ වී ඔයා මා දමා ගියා......
සුසුම් හැන්දෑකරේ පුරා මගේ දෑස හඬවා දමා
සුපෙම් ඇස් මායිමේ තියා ජීවිතේමයි කියා
දිව්රලා කී නිසා ආදරේ මට එදා
රැව් දෙනා වේදනා නෑ සිනා සේ මෙදා
කාගෙදෝ වී ඔයා මා දමා ගියා......
මේ හැටි දුකක්......