මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලාmaa hadhee sithum koola haengum matama igi kalaa

Ma Hade Sithum Kola Hagum Matama Igi Kala

ගී පද

මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉගි කලා
ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා
මගෙ හිත ගත්ත ලදේ නුඹේ සිනා මා වසඟ කලා
කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා

සුසුමන් කොහෙද ගිහින් නුඹේ දෙනෙත් ලගම නැවතිලා
හිත හදාගන්න බැරි තරම්ම අකීකරු වෙලා
ඔය අහිංසකම ආදර බර මුහුණ පෙන්නලා
ඇයි මා වසඟ කලේ පෙම්බර වදන් මුමුණලා
පෙම්බර වදන් මුමුණලා තව වදන් මුමුණලා

මා හදේ සිතුම් ....

නුඹ නෙතු ගැටුනු දිනේ විකසිත වූ පෙම් ප්‍රාර්ථනා
ලග නතර වෙන්න පෙරුම් පුරයි ආදරේ පතා
මෙතරම් ප්‍රේමනීය හදක් තවත් නෑ මහට පුදා
මා ලග නතර වෙන්න පෙම් කරන්න වෙන් නොවෙන් සදා

මා හදේ සිතුම් ....