ගී පද
මා හද සනසාලන ඔබේ ආදරේ
ඇයි ද පමා වූයේ
මා ඉක්මන් වී ඔබද පමා වී
කෙලෙසද ගළපන්නේ
අපේ ආදරේ
සුමුදු සඳ කැළුම් පොපියන මොහොතේ
ඔබ ගැන සිතමින් මා තනිවී ඇත
එපා එපා මා තනිකර යන්නට
පාළුව තනිකම මා පෙළා දමාවී
මා හද සනසාලන ...
අතීතයේ මල් පරවී යද්දෙන්
අනාගතේ මට අහිමිව යද්දෙන්
පිපෙන මලක් අද පිපුණාදෙන්
වර්තමානයෙම ජීවත් වනු මැනවි
මා හද සනසාලන ...