මා බලවත් කරනා සමිඳේmaa balawath karanaa samindee

Ma Balawath Karana Saminde

සංගීතය:
ෂමින්ද්‍ර ජයවර්ධන පියතුමාshamindhra jayawardhhana piyathumaa
පද රචනය:
ෂමින්ද්‍ර ජයවර්ධන පියතුමාshamindhra jayawardhhana piyathumaa

ගී පද

මා බලවත් කරනා සමිඳේ 
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ 
දිරියක් වී රැඳෙන්න නිබඳේ...

දිවියේ පෙණ පොඩි හැරදා 
නැගිටින්නට වෙරලන සඳ 
කුරුසයේ සෙවනැලි අතරේ 
පා නගන්න දිරි දෙනු මැන 
සමිඳේ සමිඳේ...//

මා බලවත් කරනා...

හිරු බැස යන අවරගිරේ 
ඔබේ අතැඟිලි මත රැඳිලා 
දිවියේ ජය පැරදුම හා 
දුකයි සැපයි දෙකම කියමි  
සමිඳේ සමිඳේ...//

මා බලවත් කරනා...