මා අහසේ ලියූ දේmaa ahasee liyuu dhee

Ma Ahase Liyu De

සංගීතය:
කසුන් කල්හාරkasun kalhaara
පද රචනය:
යමුණා මාලනී පෙරේරාyamunaa maalanii pereeraa

ගී පද

මා අහසේ ලියූ දේ, 
පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ, 
ඇහුවේ කවුද නුඹ තමයි 
එහෙව් නුඹට නොදැනුනේ, 
නුඹට දුන්නු හිත තමයි 
මගේ කියා, මට තිබුණේ, 
ඒ එක හිත විතරමයි
විතරමයි ඒ විතරමයි  
ඒ එක හිත විතරමයි, 
විතරමයි ඒ විතරමයි... 

ප්‍රාර්ථනා මහ කන්දේ, 
කළුවර පාමුල උන්නේ මා 
නුඹේ නුරා තරු එළියේ, 
කඳු මුදුනට ගෙන නොගියා නම් 
අදත් මා හිඳිවී තවත් නුඹ පතාවී 
නුඹ ගැනම හිත හිතා ඉන්නට, 
හිතවත් මට තියේවි...

මා අහසේ ලියූ දේ... /