මා ආදර අම්මාmaa aadhara ammaa

Ma Adara Amma

ගී පද

නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

ඇගෙ ආදර ලේ කිරි මම රස කරකර බිව්වා
මගෙ ලෝකය මගෙ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා ආදර මගෙ අම්මා
මා ආදර අම්මා

කඳුළු බිංදු හංගා මට සුර සැප දුන්නා
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා අපමණ දුක් වින්දා
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා ආදර මගෙ අම්මා

යන එන තැන විමසා මා පසුපස උන්නා
හිත රිදුනම හිස අතගා දුක් ගින්දර නිවුවා
නිවැරදි මඟ පෙන්වා ගුරුහරුකම් දුන්නා
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා ආදර මගෙ අම්මා

නපුරු වෙන්න එපා කියලා ....

ඇගෙ ආදර ලේ කිරි ....