ලුණු දෙහිlunu dhehi

Lunu Dehi

ගී පද

අපි දෙන්නා එක් වීලා පන වාගේ 
ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලා 
සහයෝගෙන් වැඩේ දෙන්නේ //

රජ ගෙයටයි පැල් පතටයි 
එක වාගේ සලකන්නේ 
පෙර කාලේ සිට පැවතෙන්නේ 
රජ යාලුවෝ අපි දෙන්නා 

සුදු හාලේ බත් වේලේ සම්බෝලේ 
රස දුන්නේ මුළු ලෝකෙම හදුනන්නේ 
ලුණු හා දෙහි අපි දෙන්නා 

හැමතැන හැමවිට එක වගේ ගැලපෙන 
රට දිව පිනවන රස ගුණ ගෙන දෙන 
ලුණු දෙහි ලුණු දෙහි 
කවදත් කොතනත් කාගේත් සිත් ගත 
ජන හද ජයගත් කෑමකි රසවත් 
ලුණු දෙහි ලුණු දෙහි 
රම්පප රම්පප .........
රම්පප 
ලුණු දෙහි ලුණු දෙහි 
ලුණු දෙහි ලුණු දෙහි.... ලුණු දෙහි ......