ලොව් තුරු පෙම්low thuru pem

Lowu Thuru Pem

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
අරිසෙන් අහුබුදුarisen ahubudhu

ගී පද

ලොව් තුරු පෙම් වතුරේ - නාවමි ඔබ මිහිරේ
ඔබ හද රජ මැදුරේ - සතපනු මා මිහිරේ
සතපනු මා මිහිරේ

මා මන මංගල රන් ‍ඕවිල්ලේ - ඔබ හා නැළවෙන්නෙමි
රුති රුති සුවදැති බැති මල් මාලා
ලා ඔබ  සරසන්නම් - ලා ඔබ  සරසන්නම්

ආදර කිංකිණි ඔබ හඩවද්දී - පෙම් රග රග දෙන්නම්
රස බස් වීණා තාල වයන විට
ගීයෙන් නලවන්නම් - ගීයෙන් නලවන්නම්

හිරු රජ දහනේ සිහසුන වෙත  ඔබ - පසුපස මම එන්නම්
වීර විපුල් රළ ශෘංග ඔබේ
සිරි දේවිය මම වෙන්නම් - දේවිය මම වෙන්නම්