ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවාlowee saemaa ekama dhaeyee dhuu dharuwan weewaa

Lowe Sema Ekama Deye

ගී පද

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා 
වාද නැතී බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා

මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරුකමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා
මනු දැයේ මිනිසුනේ වාදවී ලා  පල  නැතේ
එක රෑනේ එක්වූ දා ලොව ලස්සන වන්නේ

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා 
වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා

වැටුනු කෙනෙකු හට නැගී සිටින්න ට
අත දෙන්නට පැකිලෙන්න එපා 
ඔහුගේ රට ජාතිය ආගම කුල ගොත ගැන සොයන් එපා
සාමයේ ගීතිකා පතුරාලා මුළු ලෝ තලේ
එක යායේ වාස වෙමු සැමදා එකට බැඳී

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද මිලේ භේද මිලේ අලහිය උලහම්
නාලෙයි  නල පිලවුම්

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා