ලොවේ කොයි කාටත් හොරෙන්lowee koyi kaatath horen

Lowe Koi Katath Horen

ගී පද

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා 
ඔබේ සිත් යහනේ...//

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා 
ඔබේ සිත් යහනේ

සුසුදු කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා 
ඔබේ සිත් යහන...//