ලොවම එපා වීlowama epaa wii

Lowama Epaa Vee

ගී පද

ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ

ලොවම එපා වී…

ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුන සිත උණුසුම් වේ

ලොවම එපා වී…