ගී පද
නීල ඉඳුවර සුවැති නයනය
පාන කැල්මට මහද මත්විය
සැලෙන ලෙළදෙන රුවේ නාඹර
නැති කළා මගේ නින්ද රෑ යම
ලොවීනා ලොවීනා
මා හදේ ඇඳී රූ සදා
ලොවීනා ලොවීනා
මතකයෙන් යන්නට එපා
ලිහිනයා ගල කන්ද පාමුල
අපේ ආදරයේ කතාවේ මුල
ආදරේ නොහඳුනන ඒ කැල
වෙන්කළා අපි අපෙන් තුන්කල
නීල ඉඳුවර සුවැති නයනය....
ලොවීනා ලොවීනා....
පවුම තඹයට
සැනින් හැරුනිදෝ
සිහසුනෙන් ඇති පලක් නොවුනිදෝ
රොඩී පෙළපත නොතිබුනා නම්
වෙන් කරනු බෑ
අපිව මෙලෙස මගක දී
නීල ඉඳුවර සුවැති නයනය....
ලොවීනා ලොවීනා....