ලව් එකlaw eka

Love eka

පද රචනය:
නෙකිත ද සිල්වාnekitha dha silwaa

ගී පද

කෙලිබිමෙන් මා සමුගත්තා 
ජිවිතන්තේ දක්වා මා හිර වුවා 
ඈ නිසා මා කොන්දෙත් කපලා 
ඉරුණු ඩෙනිමත් දැන් ඉණටම ඇන්දා 

ජීවිතෙන් මා පසු බැස්සා 
ඈ නිසා දැන් මා ඇස් දෙක ඇරලා 
ආදරෙන්දෝ මා වශී වෙලා 
ඈ නිසා දැන් මා නිසි මග වැටිලා 

ජිවිතේ ගීතය ඇසුවා 
ඈ මුවින් එය පිටවූවා 
ඒ රසින් ගීයක් ලියලා 
මුළු හදින් ඈ මට පිදුවා 

ජීවිතේ ඔබ දුටු මුල් මොහොතේ මා සිත ගල්  ගැහුනේ 
ඔබේ නෙත් වලටදෝ වශී වුණේ 
කියන්නකෝ කෙල්ලේ ඇයි මා හට කැමති 
මා ජිවිතේ ඔබේ අතේ තිබේ 

කෙලිබිමෙන්...