ලියන්නට පෙම් හසුනක්liyannata pem hasunak

Liyannata Pem Hasunak

ගී පද

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං

ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන් 
පවසාවි විඳවනා තරම්...//

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…

ජීවිතය ලැබු අභිමන් යලිත් බොඳ කරලන්න
පරාජිත වූ ප්‍රේමෙන් බැහැ තවත් ඉවසන්න
ගෙවන මේ දුක් කඳ නම්
ඔබ තාම දන්නේ නැතිද...//

ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න…