ගී පද
ලියවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ
නිදියන්නැති දෑස වගේ මගේ ජීවිතේ
විඳවන්නද මෙවන් දුකක් ඔබට පෙම් කලේ
ඇයි රත්තරනේ මගෙන්ම පළිගන්නේ මේ වගේ.......
මගේ නමට එවූ ලියුමක තිබූ ලස්සන කවිය
කියවන විට බොඳවුනි මතකයේ දුක් කඳුළු කැට
පව් කලාට මා සෙනෙහසකින් වෙන්න දුරකට
අත්වේවා ළඳුනේ ඔබ හට සම්පත සතුට......
ලියවෙන්නැති පෑන.....
ඔබ පිපුණු මලක් නම් සුවඳත් ඔබටයි අයිති
ඔබේ සුවඳ ඉල්ලගත්තා නම් මමමයි වැරදි
සිත සෙනෙහෙ පුදා ආපසු ගත්තා නම් සොඳුරි
යළි සිතනු මැනවි දෙදෙනාගෙන් කවුද නිවැරදි......
ලියවෙන්නැති පෑන......