ලිහිණියෝ (දෑල දෙනයන හොවා)lihiniyoo (dhaela dhenayana howaa)

Lihiniyo (Dela Denayana Howa)

ඇල්බමය
The Flame of Love
සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
ශාලික දිසානායකshaalika dhisaanaayaka

ගී පද

දෑල දෙනයන හොවා පෙම් කල තවත්
අයෙකුන් වී නම් ඒ නුඹේ මවුන්
නොතෙවනි උනෙම් ගිනිලන විට රිදුම්
දරාගන්නට පනවාගතිමි මං
ප්‍රේම සීමා මායිම්…

විරාජිතවු ඔටුනු නුඹේ හිස මත තිවුනු
මට වඩා දකින්නට ඇති ලෝකයක් මියුරු
හිනා කෙලි කවට කම් නෝක්කාඩු ඇරයුම්
ලැබූ ගැහැනියක් වෙමි මම නුඹේ නමට උමතු…

සයුරු රළ හඹා ගෙන යන විටදි පෙම්බස් දොඩපු
ලිහිණියෝ ඉන්න ඇති ළඟ ඕන පදමට තුරුණු
හැමදේම දරාගෙන හැර නොයා නිසල වූ
හුදී ගැහැනියක් වෙමි මම නුඹේ හදට උමතු…

දෑල දෙනයන…