ගී පද
ලේනෝ ලේනෝ
ලේනි සමගින් තරගෙට වාගේ
අද ඇයි මේ කන් කරච්චලේ
නවසි ගහ මුදුනේ //
කැදැල්ලේ හැරදා නුඹගේ ලේන් පුතා
කෙලි සෙල්ලමේ ගිහින්
මං ඇති දැඩි කල මගේ සියළු දරුවෝ
දීපංකරේ ගිහින්
ලේනෝ ලේනෝ ....//
අඩන්නෙපා අපි කල දේවල් උන්ටත් පුරුදුවෙලා
ලේනෝ ... //
නිදහස් සුවඳට අගපය දැඩිවීලා
නොපෙනේ අවදානම්
පියෙන් පියට වස නපුරු සතා
හැංගි රකිනා කුරුමානම්
ලෝනෝ .... //
අඩන්නෙපා අපි කල හරඹේ උන්ටත් හුරුවේවි
ලෝනෝ ...