ලෙන්ගතුකම නෙතඟ තියාlengathukama nethanga thiyaa

Lengathukama Nethaga Thiya

ගී පද

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ
(සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින...//)

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනා තුරු නෑ ඉවසිල්ලක්
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්
(බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...//)

ලෙන්ගතුකම නෙතඟ තියා....

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
(බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්...//)

ලෙන්ගතුකම නෙතඟ තියා....
(සොඳුරිය කර ගන්නයි මා සිතුවේ සැම දින...///)