ගී පද
ලෙන්ගතු වී ඔබ මා සසරේ සරා
ප්‍රේමාදර මන්දිරයේ පෑ සිනා
රහසක් සේ සඟවා තබා
පෙමකට අප ආලෙන් බැඳුණා......
සිත සසලයි දුක් කඳුලැලි බෝමයි
නුඹට බැඳුණු පෙම අපරාජිත වී යයි
ගිම්හානේ පිපි කුසුමක් සේ තනි වී
අඩ අඳුරක කඳුලින් නෙත් දෝවයි.......
ලෙන්ගතු වී......
පුර හඳකට තනි රකිනා තරුවේ
ආඩම්බරකම් කිමදෝ මට පෑවේ
ගිම්හානේ පිපි කුසුමක් සේ තනි වී
අඩ අඳුරක කඳුලින් නෙත් දෝවයි.......
ලෙන්ගතු වී......