ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේlaya gindharin ginigannaa rae yaamee

Laya Gindarin Gini Ganna

ගී පද

ලය ගින්දරින් ගිනිගන්නා රෑ යාමේ 
කිම මා සොයා මගෙ උදුවප් සද නාවේ
හොදටම රිදී නෙතු දොරගුලු බිදුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

තරුකැට දෙකතුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹහට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට 
වරදක් කියන්නෑ කවදාවත් නුඹට

නුඹටම හුරුපුරුදු නැලවිලි නොදත් මම
තනියම කෝම පැටවුන් නිදි කරන්නද 
දරුවන් නිසාවත් යලි ආවොතින් ගෙට 
අහිතක් හිතන්නෑ කවදාවත්ම මම