ලතා මඩුලු සේlathaa madulu see

Latha Madulu Se

ගී පද

ලතා මඩුලු සේ.......
ලතා මඩුලු සේ බැඳුණු සේ අපේ
ආදර මල් දම් පියලි සැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව ගිලිහි ගියා //

ඔබේ නෙතු බැල්මෙන් මසිත තිබූ
පාළුව සදහට ඉවතටලූ
මා ඔබ සමගින් දැල්වූ පෙම් 
පහන් වැටම අද නිවී ගියා //
ලතා මඩුලු සේ.......

පාළු සුසානේ ඈත කොනේ 
නිසලව ඔබ අද හිදිනු පෙනේ
නොසුතු විරාමය ලංකර දුන්
ඔබගෙන් කඳුලද උරුම උනේ //
ලතා මඩුලු සේ.......