ගී පද
සීත ගඟුල් ඇද හැලේ ලස්සනයි වනන්තරේ
සීත සුළං රැළි ඇදේ ලස්සනයි වනන්තරේ
ලස්සනයි ලස්සනයි ලස්සනයි වනන්තරේ......
නිල් මිටියාවත දිගේ පාට පාට මල් පිපේ
මල් පිට මල් පෙති වගේ සමනලයින් පෙරහැරේ......
කඳු එයි හිරු එළියේ මීදුම් අතරේ පෙනී
කුරුළු පන්ති නද දීදී අහස පුරා ඉගිලෙති.....
සීත ගඟුල්.......