ගී පද
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න
වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ
කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ //
රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න
නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ //
හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා
මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ //
ලස්සනයි බලන්න ....